Posts

Image
 

ජාතික චින්තතනයක් මත පදනම් වූ ජාතික ව්‍යාපාරයක් හා එක්‍ රොක් විය යුත්තේ ඇයි....??

  ඊශ්‍රායලය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේ ය. මිලියන 7.5 ක් වූ ජනගහනයෙන් මිලියන 5.7 ක් ම යුදෙව් ජාතීහු වෙති. ඊශ්‍රායලය වර්ග කිලෝමීටර් 20,770 වපසරියකින් යුක්ත වේ. 1948 මැයි 14 වන දින ඊශ්‍රායෙල් ස්වකීය නිදහස් රාජ්‍ය ලෙස ගමන් ඇරඹීය. එසේ ඇරඹි ගමන් මගේ 2008 වන විට ලෝකයේ 41 විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්විය. මැදපෙරදිග රටවල්වලින් ඒක පුද්ගල ආදායම ඉහලම රට බවට පත්වීමට ඊශ්‍රායලයට හැකිවී ඇත. ආර්ථිකය අතින් මෙවැනි දියුණු තත්වයට පත්වීමට ඊශ්‍රායලට හැකි වූයේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම මගිනි. 1948 නිදහස ලබනවිට තිබූ වගා කළ ඉඩම් ප්‍රමාණය වන 408,000 අද වනවිට 1,070,000 දක්වා වර්ධනය කර ගැනීමට ඊශ්‍රායලය සමත්ව ඇත. එමෙන්ම කෘෂිකාර්මික ඒකක 400 සිට 725 දක්වා වර්ධනය කර ගැනීමට ඔවුන්ට හැකි වී ඇත. 1948 සිට අද දක්වා කෘෂිකර්මාන්තය තිබූ තත්වයේ සිට 16 ගුණයකින් වර්ධනය කරගැනීමට ඊශ්‍රායලයට හැකියාව ලැබී ඇත.   ශ්‍රී ලන්කාව වර්ග කිලෝමීටර් 64740 කි. ඒ සමගම වර්ග කිලෝමීටර 870 ක් වූ පැතිරුණු මිරිදිය ජලයද සහිතව වර්ග කිලෝමීටර් 65610 කි.ජනගහනය 20,2000,000 පමණ වේ.එහෙත් අද ශ්‍රී ලාන්කාව ඇත්තේ කොතනද ?.