ජාතික චින්තතනයක් මත පදනම් වූ ජාතික ව්‍යාපාරයක් හා එක්‍ රොක් විය යුත්තේ ඇයි....??

 ඊශ්‍රායලය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේ ය. මිලියන 7.5 ක් වූ ජනගහනයෙන් මිලියන 5.7 ක් ම යුදෙව් ජාතීහු වෙති. ඊශ්‍රායලය වර්ග කිලෝමීටර් 20,770 වපසරියකින් යුක්ත වේ. 1948 මැයි 14 වන දින ඊශ්‍රායෙල් ස්වකීය නිදහස් රාජ්‍ය ලෙස ගමන් ඇරඹීය. එසේ ඇරඹි ගමන් මගේ 2008 වන විට ලෝකයේ 41 විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්විය. මැදපෙරදිග රටවල්වලින් ඒක පුද්ගල ආදායම ඉහලම රට බවට පත්වීමට ඊශ්‍රායලයට හැකිවී ඇත. ආර්ථිකය අතින් මෙවැනි දියුණු තත්වයට පත්වීමට ඊශ්‍රායලට හැකි වූයේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම මගිනි.

1948 නිදහස ලබනවිට තිබූ වගා කළ ඉඩම් ප්‍රමාණය වන 408,000 අද වනවිට 1,070,000 දක්වා වර්ධනය කර ගැනීමට ඊශ්‍රායලය සමත්ව ඇත. එමෙන්ම කෘෂිකාර්මික ඒකක 400 සිට 725 දක්වා වර්ධනය කර ගැනීමට ඔවුන්ට හැකි වී ඇත. 1948 සිට අද දක්වා කෘෂිකර්මාන්තය තිබූ තත්වයේ සිට 16 ගුණයකින් වර්ධනය කරගැනීමට ඊශ්‍රායලයට හැකියාව ලැබී ඇත.

 

ශ්‍රී ලන්කාව වර්ග කිලෝමීටර් 64740කි. ඒ සමගම වර්ග කිලෝමීටර 870 ක් වූ පැතිරුණු මිරිදිය ජලයද සහිතව වර්ග කිලෝමීටර් 65610 කි.ජනගහනය 20,2000,000 පමණ වේ.එහෙත් අද ශ්‍රී ලාන්කාව ඇත්තේ කොතනද?.අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ශ්‍රී ලන්කාව තුළ  දළ දේශීය නිශ්පාදනයට කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය ඉතාමත් පහත් ස්ථානයක සිටී.වර්ෂ 2010 දී 8.5% ක් වූ කෘෂිකර්මාන්තයෙන් ලැබුණා වූ දායකත්වය 2018 වනවිට 7% දක්වා පහත වැටීම තුලින්ම පෙනෙන්නේ ශ්‍රී ලාන්කීය ජනතාව කෘෂිකර්මාන්තය කෙරෙහි දක්වන උනන්දුව දිනෙන් දිනම  අඩුවන බවකි.මීට හේතු කවරේද ?කෘෂිකාර්මික අ0ශ නවීකරණයට අවශ්‍ය ව්‍යූහාත්මක වෙනස්කම් ප්‍රවර්ධනය කිරීමේ සන්වර්ධන ක්‍රියාදාමයක් යටතේ රජයෙන් සැපවිය යුතු සහය ඔවුනට නොලැබීමයි.සුදුසු ක්‍රියා දාමයන් ඔස්සේ යම් යම් වැඩපිළිවෙළවල් තුලින් ඔවුනට ඒ සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා දීම මෙන්ම කිසියම් වූ දිරිගැන්වීම් තුලින් කෘෂිකාර්මික ක්‍රියාවලිය වේගයෙන් යාන්ත්‍රීකරණයට භාජනය කිරීමක් රජය විසින් කලයුතු වේ.එහෙත් වර්තමානයේ  එසේ කිසිදු යාන්ත්‍රණයක් සිදු නොවීම තුලින් දේශීය නිශ්පාදන ක්‍රියාවලියම දවසින් දවස අඩපන වෙමින් පවතී.

 ඊශ්‍රායලය තුළ අධි තාක්ෂණික කෘෂිකාර්මික ක්‍රම සහ බෝග ප්‍රභේද කොතෙකුත් නම් දැකගත හැකි අතර කෘෂි කර්මාන්තයේ තාක්ෂණය භාවිතය අතින් ඉහළින්ම සිටින රට ලෙසද ඊශ්‍රායලය හැඳින්වීමේ වරදක් නැත. ආරක්ෂිත ගෘහයන් තුළ බෝග වගාව ඉතාම දියුණු මට්ටමින් සිදුකරන රටක් මෙන්ම පර්යේෂණ මට්ටමේ නව නිශ්පාදන ද බෝග වර්ග හා නව කෘෂි තාක්ෂණික දැනුමත් ලෝ‍කයාට දායාද කරන ප්‍රධාන රටක් ලෙස ඊශ්‍රායලය හැඳින්විය හැක.

ඊශ්‍රායලයේ තුළ ක්ෂේත්‍ර බෝග ලෙස තිරිඟු බඩඉරිඟු සහ ඉරිඟු හෙක්ටෙයාර 215,000 වගා කරන අතර අනිකුත් කේෂ්ත්‍ර බෝග 156,000 වගා කරයි.   මිදි  එමෙන්ම තක්කාලි පිපිඤ්ඥා මිරිස් සුකිනි පැණි කොමඩු ප්‍රධාන එළවළු ලෙස වගා කරනු ලබයි. cotton වගාවද ඊශ්‍රායලයේ ප්‍රධාන වගාවක් වේ. හෙක්ටයාර 28,570 භූමි ප්‍රමාණයක cotton වගා කරයි. බෝග වගාව මෙන්ම සත්ව පාලනයද ඊශ්‍රායලය තුල සාර්ථකව සිදු කරනු ලබයි. ලෝකයේ වැඩිම කිරි අස්වැනක් ලබා දීමට  තරම් වූත්  වාර්ෂික කිරි නිෂ්පාදනය කිලෝග්‍රෑම් 10200 පමණ ලබා දෙන කිරි ගවයින් ඊශ්‍රායලය තුල ඇත.වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 1,500 පමණ වේ. ඊශ්‍රාලය තූල හෙක්ටයාර 214 ක පමණ මල් වගා කරයි.

ශ්‍රී ලංකාවට සමානම වසරක නිදහස ලබාගත් ඊශ්‍රායලය කෘෂිකාර්මික අතින් අද වන විට ලබා ඇති ජයග්‍රහණය ශ්‍රී ලංකාවාසීන් වන අපට පාඩමකට ගත හැකි කරුණු කාරණා සපයනු ලබයි. කෘෂිකාර්මාන්තය සඳහා සුදුසුම දේශගුණික කලාප සහිත ශ්‍රී ලංකාව වැනි රටක් කෘෂිකාර්මික අතින් දිනෙන් දින පරිහානියට ලක්වීම ඉතා කනගාටුවට කරුණක් වන අතර කෘෂිකාර්මික විභවතාවක් නොමැති ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට වඩා දියුණු කෘෂිකර්මාන්තයකට හිමිකම් කීම ලක්වාසී වූ අප ලැජ්ජා විය යුතුය.

 

ලෝකයාට ණය වී රටක් තුළ මාර්ග සන්වර්ධන පද්ධතියක් පමණක්ම බිහි කිරීමෙන් රටක් සන්වර්ධන ක්‍රියාවලිය වෙත ගෙන යා හැකිද?දේශගුනික විපර්යාසයන් සළකාබලමින් සන්වර්ධන මැදිහත්වීම්වල තිරසාර බවත් වැඩිවන ගෝලීයකරණයට ප්‍රතිචාර දැක්වීමට හැකි අයුරින් කටයුතු සම්පාදනය කිරීමක් කළයුතුව ඇත.එහෙත් සිදු වන්නේ කුමක්ද ?.ජයිව විවිධත්වයන්ට හානි දායකවන අයුරින් රාජ්‍ය මැදිහත්වීම්වකින් තොර හෝ නොමැතිව කරනු ලබන වනාන්තර හෙළි පෙහෙළි කිරීමත්,පාරිසරික හේතූන් මත ඒ තුළින් කලට වැසි නොලැබීමත්,කෘෂිකර්මාන්තය කෙරෙහි කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නොවීමත් යන කරුණු කාරණා නිසා හා ආහාර සුරක්ෂිත භාවයට අවධාණයක්  නොකර පටු ලාභ අපේක්ශාවෙන්  ප්‍රමිතීන්ට අනුකූල නොවන නිශ්පාදනයන් දේශීය වෙලද පොලට හදුන්වා දීමත් තුළින් කෘෂිකර්මාන්තය මෙරට දිනෙන් දින අඩාල වනු ඇත.ඉදින් මෙකී සියලු කරුණු කාරනා හේතුවෙන්ම ශ්‍රී ලාන්කීය ජනතාව කෘෂිකර්මාන්තය කෙරෙහි දක්වන උනන්දුව ඉතාමත් අඩුවී ඇත.

එසේ නම් කුමක්කල යුතු වන්නේද?.රට,ජාතිය ආගම මත බැදුනාවූත් සමෘද්ධිමත් රටක් වීමට නම් ඒ සදහා උවැසි වන්නා වූ අත්‍යවශ්‍ය න්‍යායන්ගෙන්  සමන්විතව ජාතික චින්තතනයක් පෙරදැරිකොට  ගොඩනැගුනා වූ ජාතික බලවේගයක් තුලින් රටට විනකරන්නාවූ පා දඩ පාලකයින් සහමුලින්ම පන්නා දම්මා රටෙත් ජාතියේත් උන්නතිය වෙනුවෙන් පෙළගැසීමට යුතුවම ඇත.

ඉදින්..තව තවත් මෙකී මජර දේශපාලකයින්  සමග රැදී අදුරෙන් අදුරටම ගමන් කරන්නේද ,අදුරෙන් එළියට යන්නේද යන්න අපට තීරණය කිරීමට කාලය එළැඹ ඇත.

Chamara S subasinghe

Comments